
ජනාධිපති ලේකම් සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් අතර හමුවක්
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වේගවත් දියුණුවක් අත්කර ගනිමින් සිටින බවයි මෙහිදී ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයෝ සඳහන් කර ඇත්තේ
ඒ අනුව ඉදිරියේදී ආසියානු සංවර්ධන බැංකුවේ දායකත්වයෙන් මෙරට සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සැලසුම් කර තිබෙන නව ව්‍යාපෘති සම්බන්ධව ද මෙහිදී නියෝජිතයන් ජනාධිපති ලේකම්වරයා දැනුම්වත් කර තිබෙනවා
නව සංචාරක කලාප ඇති කිරිමේදී සහ සංචාරක කර්මාන්තයේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය ආයතනවල දායකත්වය විධිමත් හා කාර්යක්ෂම අන්දමින් ලබා ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්
එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නඟා සිටුවීම වෙනුවෙන් වත්මන් රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මෙහිදී ස්තුතිය පළ කළ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ නව රජයේ වැඩපිළිවෙළ නිසා සංචාරක ක්ෂේත්‍රය අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳ තමන් සෑහීමකට පත්වන බවයි