
ජනාධිපති හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ප්‍රගතිය පිරික්සයි (VIDEO)
රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යමින් ජනතාවට උසස් ජීවන තත්ත්වයක් උදාකරදීමේ දී දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධ යාන්ත්‍රණයක කොටස්කරුවන් වියයුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ පැවති හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින්.
හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද පෙරවරුවේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී මෙම වසර අවසන්වීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති පිළිබඳව ජනාධිපතිවරයා නිලධාරීන්ගෙන් විමසා සිටියා.