ජපන් සංස්කෘතික උත්සවයේ කොළඹ පුරපතිනියගේ ජපන් නැටුම (VIDEO)

ජපන් සංස්කෘතික උත්සවයේ කොළඹ පුරපතිනියගේ ජපන් නැටුම (VIDEO)

ජපන් තානාපති කාර්යාලය සහ මෙරට යෞවන කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ බනෝදරී ජපන් සංස්කෘතික උත්සවය ඊයේ පැවැත්වුණා.

මහරගම යොවුන් නිකේතනයේදී පැවති මේ උත්සවයේදී කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය විශේෂ නර්ථන අංගයකට ඉදිරිපත් වීම කැපී පෙනෙනවා.

ජපාන තානාපති කාර්යාලය සහ යෞවන කටයුතු අමාත්‍යාංශය එක්ව වාර්ෂිකව සංවිධානය කරන බනෝදරී ජපාන සංස්කෘතික උත්සවය මෙවරත් පැවැත්වුණා.

මහරගම යොවුන් නිකේතනයේදී පැවති මේ උත්සවය ජපාන සංස්කෘතිකාංග රැසකින් අලංකාර වූ අතර එම එක් අංගයකට කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මියද එක්ව සිටියා.

මේ අවස්ථාවට මෙරට ජපාන තානාපති අකියෝ ඉසමටා මහතා සහ යෞවන කටයුතු නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Share This