ජපානයට බලපෑ භූමිකම්පාවෙන් 62ක් මරුට – දිවි ගලවා ගත් අය බේරා ගැනීම සඳහා කාලය සමග සටනක

ජපානයට බලපෑ භූමිකම්පාවෙන් 62ක් මරුට – දිවි ගලවා ගත් අය බේරා ගැනීම සඳහා කාලය සමග සටනක

ජපානයට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් මේ වනවිට පුද්ගලයින් 62 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

නිවාස කඩා වැටීම්, ගොඩනැගිලි ගිනි ගැනීම් සහ මාර්ග විශාල වශයෙන් හානි වීම, ගලවා ගැනීමේ සේවා කටයුතුවලට බාධාවක් වී ඇති බවද සඳහන්

රිච්ටර් මාපකයේ 7.6 ක භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය වූයේ මධ්‍යම ජපානයේ නොටෝ අර්ධද්වීපයයි.

අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා පැවසුවේ දිවි ගලවා ගත් අය බේරා ගැනීම සඳහා හදිසි සේවා කාලයට එරෙහි සටනක නිරත වී ඇති බවයි

ඉෂිකාවා ප්‍රාන්තයේ වෙරළබඩ නගරයක් වන සුසු හි, නගරයේ නිවාසවලින් 90% ක් පමණ සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බව නගරාධිපති මසුෂිරෝ ඉසුමියා කියෝඩෝ පවසා තිබෙනවා

ජපාන හමුදාව තම නිවෙස්වලින් ඉවත් වීමට සිදු වූවන් සඳහා ආහාර, ජලය සහ බ්ලැන්කට් ඇතුළු සැපයුම් ලබා දී ඇති අතර පුද්ගලයන් 57,360 දෙනෙකු ඉවත් කිරීමට සිදු වූ බව එරට රජය සඳහන් කරනවා

Share This