ජපානයට යන අනුර කුමාර

ජපානයට යන අනුර කුමාර

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජපානයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අනිද්දා (21) ඔහු සහභාගී වන ජන හමුව පැවැත්වීමට නියමිතයි.

Tsukuba සහ Yatabe Citizen Hall හිදී පැවැත්වෙන එම ජන හමුවලදී අනුර කුමාර දිසානායක මහතා ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයින් හමුවනු ඇති.

අනතුරුව ලබන 22 වනදා ජපානයේ සිටින ව්‍යාපාරිකයින් සමඟ සාකච්ඡාවකටද ඔහු සහභාගී වීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා ජපානයේ ව්‍යාපාර කරන ශ්‍රී ලාංකිකයන් මෙන්ම ජපන් ව්‍යාපාරික පිරිසකුත් එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අනතුරුව ජපානයේ ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයින් ද හමුවීමට අනුර කුමාර දිසානායක මහතා සැලසුම් කර තිබෙනවා.

Share This