
ජපානයේ අගමැති ඉල්ලා අස්වීමට තීරණය කරයි
ජපානයේ අගමැති ඉෂිබා ෂිගේරු ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ජපාන ජාතික රූපවාහිනිය පවසනවා.
එන්.එච්.කේ. සේවය නිවේදනය කළේ ඔහු නියෝජනය කරන පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුළ ඇති ව්‍යාකූලත්වය පාලනය කිරීමට ඔහු මෙම තීරණය ගත් බවයි.
ඉෂිබා අද(07) එරට වේලාවෙන් සවස 6 ට ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන බව ජපන් රජය පවසා තිබෙනවා.
ඉෂිබා පසුගිය ඔක්තෝම්බර් මාසයේදී බලයට පත් වූ අතර උද්ධමනය පාලනය කිරීමට මෙන්ම පක්ෂය ප්‍රතිසංස්කරණය කිරීමට ද පොරොන්දු වුණා.
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දේශපාලන අරමුදල් රැස් කිරීමේ වංචා මාලාවකට සම්බන්ධ වී තිබීමත් සමග රජයට චෝදනා එල්ල වුණා.
අග්‍රාමාත්‍යවරයා බලයට පත්වීමෙන් ටික කලකට පසු, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ එහි සභාග හවුල්කරු Komeito පහළ මන්ත්‍රී මණ්ඩල මැතිවරණයකදී ඔවුන්ගේ බහුතරය අහිමි වුණා.
ජූලි මාසයේ පැවති ඉහළ මන්ත්‍රී මණ්ඩල මැතිවරණයකදී පාලක සන්ධානයට බහුතරයක් නොලැබීම නිසා පාලක පක්ෂයේ බලය සීමා වී තිබෙනවා.
ඉෂිබා ඊයේ ඔහුගේ කාර්යාලයේදී හිටපු අගමැති සුගා යොෂිහයිඩ් සහ කෘෂිකර්ම අමාත්‍ය කොයිසුමි ෂින්ජිරෝ හමුවී ඇත්තේ මෙවැනි පසුබිමකයි.
පක්ෂ සමගිය අන් සියල්ලටම වඩා වැදගත් බව සුගා සහ කොයිසුමි ඉෂිබාට එහිදී පවසා තිබෙනවා.