
ජපානයේ අනදමෙත් විහාරස්ථානයේදී සසුනට දායාදවූ චෛත්‍ය රාජයාණන් වහන්සේ
ජපානයේ කුමකයා නගරයේ අනදමෙත් විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද උතුම් චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යකර්මය නාරාවිල අභසේලාරාමාධිපති, කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍යපාද නාරාවිල විජිතවංස නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ අනුශාසකත්වයෙන් සිදුවුණා.
අමරපුර මහ නිකයේ චූලගන්ඨිපාර්ශ්වයේ ජේ්‍යෂ්ඨ අනුනායක අහුන්ගල්ල පුලිනතලාරාමය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති අතිපූජ්‍ය වැලිතර අමරනන්ද අනුනායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ, මහාවිහාර වංශික ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරි, බලපිටිය ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ මහෝපාධ්‍යාය දර්ශනපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය බලපිටියේ සිරිසීවලී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ ජපානයේ ප්‍රධාන සංඝනායක ෆුජි සුගත සේනාසනය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති හුරුළුනිකවැවේ සුධම්ම නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මැතිතුමා සහ දායක පින්වතුන්ද මේ අවස්ථාවට එක්ව සිටියා.
මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ ජපානය තුළ ශ්‍රී ලාංකික විහාරස්ථානයන් අතර ඉදිකරන ලද දෙවන චෛත්‍යරාජයාණන් වහන්සේ ලෙසයි ඉතිහාසයට එක්වන්නෙ.




