ජපානයේ ගංවතුරෙන් දෙදෙනෙකු මරුට -90කට තුවාල

ජපානයේ ගංවතුරෙන් දෙදෙනෙකු මරුට -90කට තුවාල

නන්මඩෝල් සුළි කුණාටුව ජපානයේ දකුණු දෙසින් පිහිටි කියුෂු දූපත ප්‍රදේශයේ ගොඩබිමට කඩා වැදීමෙන් පසු අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 90 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

එම ප්‍රදේශයේ ජිවත්වන මිලියන නවයක ජනතාවට එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස දන්වා ඇති අතර නිවාස 350,000 කට වැඩි ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා

ඉදිරි පැය 24 තුළදී මිලිමීටර් 400 ඉක්මවූ වර්ෂාපතනයක් අපේක්ෂා කෙරෙන බවටද එරට කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවා තිබෙනවා

ටෝකියෝ අගනුවරට ඇතිවූ ගංවතුර හේතුවෙන් ටෝසායි භූගත මාර්ගය භාවිතා කිරීම අත්හිටුවා ඇති අතර දුම්රිය සේවා, පාරු සහ ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ

Share This