ජපානයේ භූ කම්පන දෙකක්

ජපානයේ භූ කම්පන දෙකක්

ජපාන වෙරළතීරය ආසන්නයේ ප්‍රබල භූ කම්පන දෙකක් වාර්තා වී තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 6.5ක් සහ ඒකක 5ක් ලෙස එම භූ කම්පනවල ප්‍රබලත්වය සටහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පළමු භූ කම්පනය එරට වේලාවෙන් පස්වරු 2යි 45ට සිදුව ඇති අතර ඉන් මිනිත්තු 22කට පසුව අනෙක් භූ කම්පනය සිදුව ඇති බව සඳහන්.

කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර නැහැ.

පසුගිය මැයි 05 වනදා ජපානයේ Ishikawa ප්‍රදේශය ආශ්‍රිතව රිච්ටර් මාපකයේ ඒකක 6.5ක ප්‍රබලත්වයකින් යුතුව හටගත් භූ කම්පනයකින් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර ගොඩනැගිලි කිහිපයකට ද හානි සිදුව තිබුණා.

Share This