ජපානයේ මහ මැතිවරණයට දින නියම වෙයි

ජපානයේ මහ මැතිවරණයට දින නියම වෙයි

ජපානයේ මහ මැතිවරණය එළඹෙන ඔක්තෝබරයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔක්තෝබර් 27 වනදා මහ මැතිවරණය පැවැත්වීමට එරට අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru Ishiba) තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් එම මැතිවරණය සඳහා යළිත් වරක් ඉදිරිපත් වන්නේ ද යන්න සම්බන්ධයෙන් ජපාන අග්‍රාමාත්‍යවරයා තීරණය කර නොමැති බව සඳහන්.

දැනටමත් නායකත්වය සඳහා ප්‍රතිවාදී අපේක්ෂකයින් දෙදෙනෙකු ඉදිරිපත් වන බවට ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අතරට ජපානයේ මුදල් අමාත්‍යවරයා සහ ප්‍රධාන කැබිනට් ලේකම්වරයා වන බව සඳහන්.

Share This