ජපානයේ යූ ටියුබර්වරයෙකු වන මන්ත්‍රී  Yoshikazu Higashitani  පාර්ලිමේන්තුවෙන් නෙරපයි

ජපානයේ යූ ටියුබර්වරයෙකු වන මන්ත්‍රී Yoshikazu Higashitani පාර්ලිමේන්තුවෙන් නෙරපයි

ජනප්‍රිය Gossip යූ ටියුබර්වරයෙකු මෙන්ම මන්ත්‍රීවරයෙකුද වන Yoshikazu Higashitani, ජපානයේ පාර්ලිමේන්තුවෙන් නෙරපා හැර තිබෙනවා.

ජපානයේ පාර්ලිමේන්තුවේ සැසිවාරවලට සහභාගී නොවීම නිසා නෙරපා හරින ලද පළමු මන්ත්‍රීවරයා ඔහු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහු මාස ​​හතකට පෙර පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇති අතර එක් දිනක්වත් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වී නොමැති බවයි පාර්ලිමේන්තුවේ විනය කමිටුව පෙන්වා දී ඇත්තේ.

දිගින් දිගටම පාර්ලිමේන්තු සැසිවාර වෙත නොපැමිණීම නිසා පාර්ලිමේන්තුවේ විනය කමිටුව ඔහුගේ මන්ත්‍රීධුරය අහෝසි කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔහු YouTube හි GaaSyy ලෙස වඩාත් ප්‍රචලිත වන අතර ඔහුගේ ඕපාදූප වීඩියෝ ප්‍රසිද්ධියට පත්වී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීම නීති සම්පාදකයෙකුට ලැබිය හැකි බරපතලම දඬුවම වන අතර 1950 සිට එය දෙවතාවක් සිදුවී තිබෙනවා.

කෙසේ වෙතත් දිගින් දිගටම පාර්ලිම්න්තු සැසිවාරවලට නොපැමිණීම හේතුවෙන් මන්ත්‍රීවරයකු නෙරපා හරින ලද පළමු අවස්ථාව මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය සතියේ පාර්ලිමේන්තුව විසින් Higashitani මහතාට ඔහු පාර්ලිමේන්තු සැසිවාරවලට නොපැමිණීම සම්බන්ධයෙන් පුද්ගලිකව සමාව අයැද පවසා තිබෙනවා.

සෙනට් සභාවේ සාමාජිකයන් පවසා තිබුණේ මෙය Higashitani මහතාට ලබාදෙන අවසාන අවස්ථාව බවයි.

නමුත් ඔහු සැසිවාරයට පැමිණීමට අපොහොසත් වී තිබෙනවා.

ඒ වෙනුවට, ඔහු තම යූ ටියුබ් නාලිකාවේ නිවේදනය කර ඇත්තේ තමන් තුර්කියට යන බවත් – තුර්කි භූමිකම්පා සහන සඳහා ඔහුගේ වැටුප පරිත්‍යාග කිරීමට සැලසුම් කරන බවත්ය.

ඔහුගේ නොපැමිණීම සෙනෙට් සභාව කෝපයට පත්කර ඇති අතර මෙම සතියේ ඔහු නෙරපා හැරීමට එහි සාමාජිකයින් ඡන්දය ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This