“ජපානයේ සංචාරය කිරීමෙන් වළකින්න” චීනය තම පුරවැසියන්ට කියයි

“ජපානයේ සංචාරය කිරීමෙන් වළකින්න” චීනය තම පුරවැසියන්ට කියයි

ජපාන අග්‍රාමාත්‍යවරිය වන සනායි තකයිචී විසින් තායිවානය සම්බන්දයෙන් කල ප්‍රකාශයක් හේතුවෙන්, චීනය සහ ජපානය මේ වන විට උග්‍ර රාජ්‍ය තාන්ත්‍රික ගැටුමකට අවතීර්ණ වී සිටිනවා.

ඒ චීනය තායිවානයට පහර දුනහොත් ජපානයට සිය සමීපතම සංගයින් ආරක්ශා කිරිමට හමුදාමය ක්‍රියාමාර්ග ගැණීමට සිදුවනු ඇති බවට කල ප්‍රකාශය හේතුවෙන්.

මෙවන් පසුබිමක, සිය පුරවැසියන්ට ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනය දැණුම් දී තිබෙනවා.

චීනය සහ ජපානය යන රටවල් දෙකටම හිමිකම් ඇති සෙන්කාකු දූපත් ආසන්නනයට වෙරළාරක්ෂක භටයින් යැවීමටද චිනය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්.

Share This