
ජපානය අභිබවා යන ඉන්දියාව
ජපානය අභිබවමින් ඉන්දියාව ලොව සිව්වැනියට විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්ව තිබෙනවා.
ඉන්දියාව පරිවර්තනය කිරීම සඳහා වූ ජාතික ආයතනය සඳහන් කරන්නේඉන්දියාව මේ වසරේදී අමෙරිකා ඩොලර් ට්‍රිලියන 4.187ක ආදායමක් උපයා ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්වූ ”2047 වසරේදී විකසිත භාරතයක් – විකසිත රාජ්‍යයක්” මැයෙන් පැවැති උත්සවයට සමගාමී ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ඉන්දීය රජයේ නියෝජිතයින් අනාවරණ කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්ත අනුව දළ දේශීය නිෂ්පාදනය අනුව ලොව විශාලතම ආර්ථිකය හිමි සටහනේ මුල්තැන අමෙරිකාවට හිමිව ඇති අතර එය දැක්වෙන්නේ අමෙරිකා ඩොලර් ට්‍රිලියන 30.51ක් ලෙස දැක්වෙන බව සඳහන්.
එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය අමෙරිකා ඩොලර් ට්‍රිලියන 19.23ක ආර්ථිකයක් චීනය අත්කරගෙන තිබෙනවා.
ජර්මනිය පසුවන්නේ එහි තෙවැනි ස්ථානයේ යි.