
ජපාන ආයෝජකයින් පිරිසක් ඇමති නිමල් සිරිපාල හමුවෙයි
25 දෙනෙකුගෙන් සමන්විත ජපානයේ ප්‍රමුඛ පෙලේ ආයෝජකයින් කණ්ඩායමක් අද (17) වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති මෙම සාකච්ඡාවේදී නාවික හා ගුවන් සේවා ක්ෂේත්‍රයේ දැනට පවතින ආයෝජන අවස්ථාවන් සහ ව්‍යවසායකත්ව අවස්ථාවන් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්.
මෙහිදී ශ්‍රී ලංකාවේ නාවික සහ ගුවන්සේවා ක්ෂේත්‍රයේ පුහුණු වැඩසටහන් සඳහා ජපානයේ නවීන තාක්ෂණය හඳුන්වාදීමට ආයෝජකයින් සිය කැමැත්ත පළ කළ අතර ඒ තුළින් තරුණ තරුණියන්ගේ නවීන තාක්ෂණය පිළිබඳ හැකියාවන් වර්ධනය කිරීමට හැකිවන බවද පවසා තිබෙනවා.
ඒ අනුව අමාත්‍යවරයා කරුණු දක්වමින් කියා සිටියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙසයි.
එමෙන්ම ඉදිරියේදී ඉදිවන උතුරු කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා ජපානයේ ආයෝජකයින් සම්බන්ධ කර ගැනීමට ශ්‍රී ලංකා රජය අදහස් කරන බවත්, එම කටයුතු සඳහා ජපන් රජයේ පූර්ණ සහයෝගය ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.