ජපාන වෙරළට ගොඩ ගැසූ හඳුනා නොගත් ‘ලෝහ ගෝලය ගැන’ බලධාරීන් ගත් පියවර  (VIDEO)

ජපාන වෙරළට ගොඩ ගැසූ හඳුනා නොගත් ‘ලෝහ ගෝලය ගැන’ බලධාරීන් ගත් පියවර (VIDEO)

ජපානයේ වෙරළ තීරයකට ගොඩගැසූ ලෝහ ගෝලය එම ස්ථානයෙන් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හමාමාට්සුහි ප්‍රාදේශීය නිලධාරීන් පවසා තිබෙන්නේ එය නිශ්චිත කාලයක් සඳහා ගබඩා කර පසුව ඉවතලන බවයි.

එහෙත් ජපාන නිලධාරීන් එය කුමක්දැයි පැහැදිලිව ප්‍රකාශ නොකරන්නේ මන්දැයි බොහෝ දෙනා ප්‍රශ්න කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

වෙරළේ ඇති අසාමාන්‍ය වස්තුව දැකීමෙන් පසු ප්‍රදේශවාසීන් එය “Godzilla egg”, “mooring booy” සහ “outer space” ලෙසින් නම් කර ඇති අතර එම ප්‍රදේශයේ පොලිසියට දැනුම් දී තිබුණා

පොලිසිය සහ බෝම්බ නිෂ්ක්‍රිය කණ්ඩායමක්  ස්ථානයට ගොස් පරීක්ෂණ පැවැත්වූ අතර, වස්තුව ආරක්ෂිත බව තහවුරු කිරීම හැර වෙනත් කිසිවක් හෙළි නොකළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා

හමාමාට්සුහි ප්‍රාදේශීය සිවිල් ඉංජිනේරු කාර්යාලය සඳහන් කර තිබෙන්නේ එය විදේශීය රටක නිෂ්පාදිත බෝයාවක් ලෙස සලකන බවයි.

එය කුමක්දැයි තමන් දන්නා බවත් මේවා භාවිතා කරන්නේ සමහර උපකරණ සාගරයේ පාවෙන ලෙස තබා ගැනීමට බවත් සමුද්‍ර විද්‍යාව සඳහා වූ ස්කොට්ලන්ත සංගමයේ සාගර විද්‍යාඥ මහාචාර්ය මාර්ක් ඉනෝල් පවසනවා

ලෝහ ගෝලය ඉක්මනින් හඳුනා නොගැනීම ගැන තමා පුදුමයට පත් වූ බව මහාචාර්ය ඉනෝල් පවසන අතර, සාමාන්‍ය ජනතාව එය කුමක්දැයි දැන නොසිටින බවද ඔහු සඳහන් කරනවා .

 

Share This