ජර්මනියේ පාපන්දු ක්‍රීඩාවේ විශිෂ්ටතමයෙක් වූ Franz Beckenbauer අභාවප්‍රාප්ත වෙයි

ජර්මනියේ පාපන්දු ක්‍රීඩාවේ විශිෂ්ටතමයෙක් වූ Franz Beckenbauer අභාවප්‍රාප්ත වෙයි

පාපන්දු ක්‍රීඩාවේ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ජර්මනියේ ජනප්‍රිය ක්‍රීඩක Franz Beckenbauer වයස අවුරුදු 78 දී අභාවප්‍රාප්ත වී තිබෙනවා

ඔහු 1974 දී බටහිර ජර්මනියේ නායකයා ලෙස ලෝක කුසලානය දිනාගත් අතර 1990 දී කණ්ඩායම් කළමනාකරු ලෙස කටයුතු කරමින් නැවතත් කුසලානය ලබා ගත් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

Beckenbauer, Bayern Munich වෙනුවෙන් 582 වතාවක් ක්‍රීඩා කළ අතර ක්‍රීඩකයෙකු සහ කළමනාකරුවෙකු ලෙස ජර්මනියේ ඉහළම ස්ථානයක සිටි බවයි වාර්තා වන්නේ

‘Der Kaiser’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඔහු ක්‍රීඩකයෙකු ලෙස 1972 දී යුරෝපීය ශූරතාව ද දෙවරක් බැලන් ඩෝර් සම්මානය ද දිනා ගනු ලැබුවා .

Bayern හි ක්‍රීඩකයෙකු ලෙස, Beckenbauer ලීග් ශූරතා හතරක් දිනාගත් අතර 1974, 1975 සහ 1976 දී ජර්මානු දැවැන්තයන්ගේ යුරෝපීය කුසලාන ජයග්‍රහණ තුන ලබාගැනීම සඳහා එහි නායකයා ලෙස කටයුතු කරනු ලැබු බවද සඳහන්.

 

Share This