ජර්මනියේ රෝහලක ගින්නක්

ජර්මනියේ රෝහලක ගින්නක්

ජර්මනියේ Berlin හි රෝහලක ගින්නක් හටගෙන තිබෙනවා.

පුද්ගලයෙකු විසින් රෝහලේ ඇඳන් කිහිපයකට ගිනි තැබීමත් සමග රෝහල පුරා ගින්න ව්‍යාප්ත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගින්නෙන් රෝගීන් තිදෙනෙකු සහ හෙදියක් තුවාල ලබා තිබෙනවා.

රෝහලේ රෝගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඉන් ඉවත් කර ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කරවීමට පියවර ගෙන ඇති අතර ගිනි තැබීම සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඔහු විසින් ගිනි තැබීම සිදු කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Share This