ජර්මනියේ වෑන් රථයක් පෙරලීමෙන් 7ක් මරුට – සංක්‍රමණිකයන් 20කට වැඩි පිරිසක් වෑන් රථයේ සිටි බවට වාර්තා

ජර්මනියේ වෑන් රථයක් පෙරලීමෙන් 7ක් මරුට – සංක්‍රමණිකයන් 20කට වැඩි පිරිසක් වෑන් රථයේ සිටි බවට වාර්තා

සැක කටයුතු මිනිස් ජාවාරම්කරුවෙකු විසින් පැදවූ වෑන් රථයක් පෙරලීමෙන් පුද්ගලයන් හත් දෙනෙකු මියගොස් ඇති බව ජර්මානු පොලිසිය පවසනවා

ළමයින් ඇතුළු සංක්‍රමණිකයන් 20 කට වැඩි පිරිසක් වෑන් රථයේ සිට ඇති බවයි බලධාරීන් සැක පළ කරන්නේ

රියදුරු මාර්ග පරීක්ෂාවකදී පොලිසිය මග හැරීමට උත්සාහ කළ රියදුරුට බැවේරියාවේ ඇම්ෆින්ග් අසලදී වාහනයේ පාලනය ගිලිහී ගොස් තිබෙනවා

ඔස්ට්‍රියානු බලපත්‍ර තහඩුවක් තිබූ වාහනයේ රියදුරු ඔස්ට්‍රියානු දේශසීමාව සහ මියුනිච් අතර ගමන් කරමින් සිටි බවයි පැවසෙන්නේ

Share This