ජර්මනියේ සිදුවූ ත්‍රිත්ව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු අල්ලයි

ජර්මනියේ සිදුවූ ත්‍රිත්ව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු අල්ලයි

ජර්මනියේ සොලින්ගන් නගරයේ සිදුවූ ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තියුණු ආයුධයකින් පහරදී අදාළ ඝාතනය සිදු කර තිබූ අතර එහිදී පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු බරපතළ තුවාල ලැබුවා.

සොලින්ගන් නගරයේ 650 වැනි සංවත්සරය සැමරීම සඳහා සංවිධානය කර තිබූ උත්සවයකට පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබූ අතර අපරාධකරු විසින් එහි සංගීත සංදර්ශනයක් පැවැත්වෙන අවස්ථාවේදී ප්‍රහාරය එල්ල කර අනතුරුව පලාගොස් තිබුණා.

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කළ ජර්මානු ආරක්ෂක අංශ, ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් මෙය ත්‍රස්ත ක්‍රියාවක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.

Share This