ජල නලයක් කැඩී යාමෙන් ජල සැපයුමට බාධා
අයහපත් කාලගුණය හේතුවෙන් කෑගල්ල නයිගල ප්‍රදේශයේ සිදුවූ නාය යාමක් හේතු කොටගෙන මොරොන්තොට ජල පවිත්‍රාගාරයේ සිට කෑගල්ල නගරය දක්වා ජලය රැගෙන එනු ලබන ප්‍රධාන සම්ප්‍රේෂණ නල මාර්ගය හදිසි බිඳ වැටීමකට ලක්වී තිබෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කඩා හැලුණු ගල් සහිත පස් ස්ථරය ඉවත් කිරීමෙන් අනතුරුව ජල නළ මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරනු ඇති බව සඳහන්.
මේ හේතුවෙන් 04 වනදා සිට හෙට (06) දක්වා ජල සැපයුම අත්හිටුවි්මට සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දී තිබෙනවා.
මෙහිදී නඩත්තු කටයුතු යථා තත්ත්වයට පත්වීමෙන් අනතුරුව උස් ස්ථානවලට ජලය ලැබීමට පැය 72 ක කාලයක් ගතවන බවද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර ඇති අතර මේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට එම කාලය ඇතුළත ජලය නොලැබී යන බව සඳහන්.
ඒ අනුව කෑගල්ල නගරයේ අවට උස් ස්ථාන, මොරොන්තොට, හෙට්ටිමුල්ල, පරගම්මන, රංවල, ඇදුරාපොත, ඇකිරියගල, බෙරගල, කුරුඳු හින්න සහ සියඹලාපිටිය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.