ජල පහරක් පවුලක විනෝද ගමනක් ඛේදවාචකයක් කරයි (VIDEO)

ජල පහරක් පවුලක විනෝද ගමනක් ඛේදවාචකයක් කරයි (VIDEO)

පාකිස්තානයේ පවුලකට විනෝද චාරිකාවක් ඛේදජනක ඉරණමක් බවට පත්ව ඇති ආකාරය ඉන්දීය මාධ්‍ය වාර්තා ලර තිබුණා.

18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක නව දෙනෙකු ස්වැට් ගංගාවේ හදිසි ගංවතුර තත්වකට කොටුවී දිවි බේරා ගැනීමට උත්සාහ කරන සංවේදී වීඩියෝවක් x සමාජ මාධ්‍ය යේ පළ කර තිබුණා.

එහි දැක් වුණේ මෙම සිදුවීම ඊයේ (27) කයිබර් පක්තුන්ක්වා පළාතේ සිදු වූ බවයි.

හද කම්පා කරවන සුළු වීඩියෝවක, දර්ශනවලින් කිය වුණේ පාෂාණ ගොඩක් මත පිරිසක් සිරවී සිටින ආකාරය දැකගත හැකියි.

ඉන්දීය මාධ්‍ය පැවසුවේ මෙහි සිරවී සිටි 9 දෙනකු ජලයේ ගසාගෙන ගිය බවයි.

මෙම වීඩියෝව සමාජ මාධ්‍ය වෙත යොමුකළ තැනැත්තිය පැවසුවේ ක්‍රිකට් පිටියක් මිනිත්තු කිහිපයකින් වියලීමට හෙලිකොප්ටර් යානා ළඟා වන රටක, මිනිස් ජීවිත බේරා ගැනීමට පැය කිහිපයක් ගතවීත් එවැනි යමක් කිරීමට බලධරීන් අපොහොසත් වූ බවයි.

 

 

Share This