ජල බිල්පතත් වැඩිවන ලකුණු ? (වීඩියෝ)
ජල සම්පාදන මණ්ඩලයේ වියදම් ඉහළ යාම පිළිබඳව තක්සේරු වාර්තාවක් සකස් කරමින් තිබෙන බව ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා පවසනවා.
ජල ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජල සම්පාදන මණ්ඩලය මෙතෙක් අවධානය යොමු කර නැතත් මණ්ඩලයේ වියදම කැපී පෙනෙන ලෙස ඉහළ යාම හේතුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරියේ දී තීරණය කළ යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
ඉන්ධන මිල ඉහළ යාම සහ ඩොලරයේ වෙනස් වීම හමුවේ ජල ගාස්තු ඉහළ යාම සම්බන්ධයෙන් ජල සම්පාදන මණ්ඩලයේ ඉහළ යාමේ අවධානමක් පවතින බව මේ වන විට විවිධ වාර්තා පළ වී තිබෙනවා.
මේ පිළිබඳව කළ විමසූමකදී ජල සම්පාදන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා පැවසුවේ ජල සම්පාදන මණ්ඩලයේ වියදම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබුණත් ජල ගාස්තු නැංවීම පිළිබඳව මෙතෙක් ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බවයි.
එ වෙනුවට ජල මණ්ලයේ අනෙකුත් වියදම් සීමා කර ගැටලුවට විසඳුම් සපයා ගත හැකි ද යන්න පිළිබඳව අධ්‍යයනය කරන බවත් ඔහු පැවසුවා.
එහෙත් ජල සම්පාදන මණ්ඩලයේ තවත් ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුම පෙන්වා දුන්නේ වසර 10 කින් පමණ ජල ගාස්තු වැඩි වීමක් සිදු නොකළ පසුබිමක ඉදිරියේ දී ජල ගාස්තු ඉහළ නැංවීමක් කළ යුතුව පවතින බවයි.