ජල හිඟයෙන් ව්‍යසනකාරී තත්ත්වයක් – රටවල් 25කට බලපෑම්

ජල හිඟයෙන් ව්‍යසනකාරී තත්ත්වයක් – රටවල් 25කට බලපෑම්

ජල හිඟය ලෝක ව්‍යාප්ත ව්‍යසනකාරී තත්ත්වයක් වන අතර එය දැනට ලොව පුරා රටවල් ගණනාවකට බලපා තිබෙනවා.

ජනගහන වර්ධනය, නාගරීකරණය, කාර්මීකරණය, දේශගුණික විපර්යාස සහ අකාර්යක්ෂම ජල කළමනාකරණ පිළිවෙත් වැනි සාධක නිසා ජල හිඟය මෙලෙස උද්ගත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

World Resources Institute හි Aqueduct Water Risk Atlas හි නවතම දත්ත වලට අනුව, ගෝලීය ප්‍රජාව අසමසම ජල හදිසි අවස්ථාවකට මුහුණ දී සිටින අතර, රටවල් 25 ක්, දැනට දැඩි ලෙස ජල හිඟයෙන් පිඩා විදිනවා.

ඒ අතරින් බහරේනය, සයිප්‍රසය, කුවේට්, ලෙබනනය සහ ඕමානය යන රටවලට වැඩි බලපෑමක් එල්ල වන අතර කෙටි නියඟ කාලයකදී පවා මෙම ප්‍රදේශ ජල හිඟයට ගොදුරු වන බව සඳහන්.

ලෝක ජනගහනයෙන් අඩක් වූ, ආසන්න වශයෙන් පුද්ගලයන් බිලියන 4 ක් වාර්ෂිකව අවම වශයෙන් මාසයක්වත් ජල හිඟතාවටමුණ දෙන බව සඳහන්. මෙම අගය වසර 2050 වන විට 60% දක්වා වැඩි විය හැකියි.

ඉහළම ජල හිඟතාවට මුහුණදෙන ප්‍රදේශ මූලික වශයෙන් මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාව වන අතර ජනගහනයෙන් 83% ඉහළ ජල හිඟයකට මුහුණ දෙනවා.

මීට අමතරව, දකුණු ආසියාවේ, ජනගහනයෙන් සැලකිය යුතු 74% ක් එවැනි තත්වයන්ට මුහුණ දෙන බවද සඳහන්.

හදිසි ජල අර්බුදය විසඳීම සඳහා කඩිනම් පියවර අත්‍යවශ්‍ය වනවා.

මෙයට ශක්‍ය සහ ආර්ථික වශයෙන් විසඳුම්වලට ළඟා විය හැකි නමුත් ප්‍රධාන සාධකය දේශපාලන නායකයින්ගේ කැපවීම සහ මූල්‍ය සම්පත් වෙන් කිරීම තුළ පවතින බවයි World Resources Institute හි ජල වැඩසටහනේ ජලධර දත්ත ප්‍රධානියා වන සමන්තා කුස්මා සඳහන් කරන්නේ.

Share This