ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා

ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා

සම්මානනීය, ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල පත්තප්පෙරුම මහත්මිය ගේ දේහය කොස්වත්ත, තලංගම පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කොට තිබෙනවා.

මියයන විට ඇයගේ වයස අවුරුදු 68 ක්.

979 වසරේ සහන නිවේදිකාවක ලෙස ගුවන් විදුලි සංස්ථාවට සම්බන්ධ වු ඇය ප්‍රවීණ නිවේදිකාවක , හඬ කැවීම් ශිල්පිනියක මෙන්ම ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස ද කටයුතු කර තිබෙනවා.

චිත්‍රා කුමාරි මහත්මිය විවිධ තනතුරු දරමින් වෙළෙද සේවයේ සිට ඇය ජාතික ගුවන් විදුලියේ ප්‍රධාන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධුරයද හොබවා තිබෙනවා.

දේහය පිළිබද අවසන් අවසන් කටයුතු අනිද්දා (21) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.

– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.

 

Share This