ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි රුසියානු ඔලිම්පික් කමිටුව අත්හිටුවයි

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි රුසියානු ඔලිම්පික් කමිටුව අත්හිටුවයි

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධායක මණ්ඩලය විසින් රුසියානු ඔලිම්පික් කමිටුව නැවත දැනුම් දෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

2022 වසරේදී එහි පූර්ණ පරිමාණ ආක්‍රමණය ආරම්භ වූ දා සිට රුසියාව විසින් නීතිවිරෝධී ලෙස ඈඳාගත් යුක්‍රේනයේ Luhansk, Donetsk, Kherson සහ Zaporizhzhia යන ප්‍රදේශ හතරක් කලාපීය සංවිධාන ලෙස රුසියානු ඔලිම්පික් කමිටුව (ROC ) විසින් පිළිගැනීමෙන් පසු මෙම පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ .

යුක්‍රේනයේ ජාතික ඔලිම්පික් කමිටුවේ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කරන බැවින් එය ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක් බවද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) සඳහන් කරනවා

අත්හිටුවීම යන්නෙන් අදහස් වන්නේ රුසියානු ඔලිම්පික් කමිටුවට ජාතික ඔලිම්පික් කමිටුවක් ලෙස ක්‍රියා කිරීමට තවදුරටත් හිමිකම් නැති බවයි

එමෙන්ම ඔලිම්පික් ව්‍යාපාරයෙන් කිසිදු අරමුදලක් ලබා ගැනිමටත් ඔවුන්ට හැකියාවක් නැහැ

රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට 2024 දී පැරිසියේදී මධ්‍යස්ථ ලෙස තරග කළ හැකිද යන්න තීරණය කරන බවද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වැඩිදුරටත් සඳහන් කරනවා .

Share This