
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රධාන විධායක නිලධාරී ධුරයට සංජෝග් ගුප්තා පත්වේ
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා (CEO) ලෙස සංජෝග් ගුප්තා පත් කළ බව නිවේදනය කළා.
ගෝලීය මාධ්‍ය සහ විනෝදාස්වාදය සහ ක්‍රීඩා ක්ෂෙත්‍රයේ ඉතා ගෞරවනීය චරිතයක් වන සංජෝග් අද (7) සිට ICC හි හත්වන ප්‍රධාන විධායක නිලධාරී බවට පත් වනු ඇති.
සංජොග්ගේ පත්වීම සිදුකර ඇත්තේ මාර්තු මාසයේදී ICC විසින් දියත් කරන ලද ගෝලීය බඳවා ගැනීමේ ක්‍රියාවලියකට අනුවයි.
මෙම තනතුර සඳහා රටවල් 25 ක අපේක්ෂකයින්ගෙන් අයදුම්පත් 2,500 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබූ අතර, අපේක්ෂකයින් ක්‍රීඩා පාලක මණ්ඩලවලට සම්බන්ධ නායකයින්ගේ සිට විවිධ අංශවල ජ්‍යෙෂ්ඨ ආයතනික විධායක නිලධාරීන් දක්වා පරාසයක සිටි බව වාර්තා වුණා.
ICC හි මානව සම්පත් සහ වේතන කමිටුව අපේක්ෂකයින් 12 දෙනෙකු සමාලෝචනය කර කෙටි ලැයිස්තුගත කිරීමකින් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා තෝරා ගෙන ඇතිබව සදහන්.
මෙම සමාලෝචන කමිටුව ICC නියෝජ්‍ය සභාපති ඉම්රාන් ක්වාජා, එංගලන්ත – වේල්ස් ක්‍රිකට්, සභාපති රිචඩ් තොම්සන්, ශ්‍රී ලංකා ක්‍රිකට්, සභාපති ෂම්මි සිල්වා සහ ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයේ, ලේකම් දේවජිත් සයිකියා යන අයගෙන් සමන්විත වුණා.
කෙටි ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලියකින් පසුව, නාමයෝජනා කමිටුව ඒකමතිකව ගුප්තා මහතා ගේ නම නිර්දේශ කර තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ වැඩිදුර තක්සේරුව සහ ඇගයීමෙන් පසු ICC සභාපති ජේ ෂා මහතා විසින් මෙම නිර්දේශය අනුමත කළ බවයි.
පසුව එය සම්පූර්ණ ICC මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
සංජෝග් ගුප්තා ඉඇලකෙන්නේ සාර්ථක පාරිභෝගික ෆ්‍රැන්චයිස් ගොඩනැගීමේ විශේෂඥතාවක් ඇති දූරදර්ශී නායකයෙකු ලෙසයි.
සංජෝග් ඉන්දියාවේ නූතන ක්‍රීඩා පරිසර පද්ධතියේ ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙස ද සැලකෙනවා.