ජාත්‍යන්තර නාවික කඳවුරු පිළිබඳව එළිදැක්වූ එක්සත් ජනපදයේ නවතම වාර්තාව

ජාත්‍යන්තර නාවික කඳවුරු පිළිබඳව එළිදැක්වූ එක්සත් ජනපදයේ නවතම වාර්තාව

එක්සත් ජනපදයේ AidData පර්යේෂණ ව්‍යාපෘතියේ නවතම වාර්තාවකට අනුව ජාත්‍යන්තර නාවික කඳවුරු පිළිබඳව අදහස් රැසක් මතුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය විවිධ අදහස් පළ කරමින් සිටින අතර සිය යුද හැකියාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් චීනය සිය සම්පත් උපරිමයෙන් භාවිතා කරන බව සඳහන් කරනවා.

යුධ නැව් සම්බන්ධයෙන් ලොව විශාලතම නාවික හමුදාව ලෙස පවසන චීනය, ගෝලීය වශයෙන් වරාය පහසුකම් සක්‍රීයව ඉදිකරමින් සිටින්නේ එම හමුදා බලය ව්‍යාප්ත කිරීම වෙනුවෙන් බවයි ඇතැම් විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

එහිදී, රටවල් 46 ක වරාය 78 ක් සංවර්ධනය කිරීම සඳහා 2000 සිට 2021 දක්වා කාලය තුළ ඩොලර් බිලියන 30කට ආසන්න ණය සහ ප්‍රදාන ලබා දී ඇති බව AidData වාර්තාව සඳහන් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතියේ ප්‍රමුඛතම පියවරක් ලෙස නැගෙනහිර අප්‍රිකාවේ ජිබුටි හි විදේශීය නාවික හමුදා කඳවුර ඉදිකළ අතර 2000 සිට 2021 දක්වා ජිබුටිහි මෙම හමුදා පහසුකම සඳහා චීනය ඩොලර් මිලියන 466ක් ආයෝජනය කර ඇති අතර එය විදේශයන්හි හමුදා ආයෝජන ලැයිස්තුවේ 12 වන ස්ථානයට පත්කර ඇති බව එම වාර්තාව පවසනවා.

Share This