ජාත්‍යන්තර බලපෑම් නොතකා යුද්ධය දිගටම පවතිනවා – ඊශ්‍රායලය

ජාත්‍යන්තර බලපෑම් නොතකා යුද්ධය දිගටම පවතිනවා – ඊශ්‍රායලය

ජාත්‍යන්තර වශයෙන් සිදුකෙරෙන බලපෑම් නොතකා ඊශ්‍රායලය අවසානයට ජයග්‍රහණය කරා යන බව එරට අගමැති Benjamin Netanyahu පවසනවා

එමෙන්ම ඊශ්‍රායල විදේශ ඇමති පවසන්නේ ගාසා තීරයේ පවතින යුද්ධය ජාත්‍යන්තර සහයෝගය ඇතිව හෝ නැතිව දිගටම පවතිනු ඇති බවයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ගාසා තීරයේ සටන් විරාමයක් ඉල්ලා නොබැඳි යෝජනාවක් සම්මත කරනු ලැබුවා

කෙසේවෙතත් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන බෝම්බ ප්‍රහාර හේතුවෙන් ගෝලීය සහයෝගය අහිමි වීමට පටන් ගෙන ඇති බවයි.

මේ අතර ඇති වූ කුණාටුවක් හේතුවෙන් සිය නිවෙස්වලින් පලා ගිය ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ගේ තත්ත්වය වඩාත් නරක අතට හැරී තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

හමාස් සංවිධානය විසින් ඔක්තෝබර් 7 වැනි දින ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් 1,200 ක් මිය ගිය අතර 240 ක් ප්‍රාණ ඇපයට ගැනුණා

එමෙන්ම ගාසා තීරයේ හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලයෙන් එල්ලවූ ප්‍රතිප්‍රහාර හමුවේ මෙම ප්‍රදේශයේ පුද්ගලයන් 18,600ක් මිය ගොස් 50,000ක් තුවාල ලබා ඇති බවයි.

Share This