
ජාත්‍යන්තර මුහුදු තෘණ දිනය අදයි
ජාත්‍යන්තර මුහුදු තෘණ දිනය අදට (01) යෙදී තිබෙනවා.
ලංකාව විසින් ලෝකයේ රටවල් 23ක සම අනුග්‍රහය ඇතිව කරන ලද යෝජනාවක් සම්මත වීමෙන් අනතුරුව 2023 වසරේ සිට මාර්තු 01 වැනිදා ජාත්‍යන්තර මුහුදු තෘණ දිනය සැමරීම ආරම්භ කර ඇති බව සඳහන්.
තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා පරිසර පද්ධති සේවා සහ කාර්යයන් වැඩිදියුණු කිරීම වැදගත් බව මතක තබා ගනිමින්, ඔවුන්ගේ සෞඛ්‍යයට සහ සංවර්ධනයට දායක වීම සඳහා මුහුදු තෘණ සංරක්ෂණය සඳහා ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කිරීම සහ පහසුකම් සැලසීමේ හදිසි අවශ්‍යතාවය මෙම යෝජනාව මගින් ඉස්මතු කර ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර ඇත්තේ.