
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කරන්න රජය සැරසෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක වැඩපිළිවෙළ යටතේ ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදුකිරීමට සූදානම් බව මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක වැඩපිළිවෙලේ ප්‍රගතිය පිළිබඳ දැනුම්වත් කිරීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ සමස්ත වැඩපිළිවෙළ තුළ රාජ්‍ය ආදායම ඉහළ දමා ගැනීමට ද හැකිවී ඇති බවයි.
2022 වසරේ ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව, ආර්ථික ස්ථාවරත්වය ඇති කරගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සම්බන්ධ වුණා.
ඊට අදාළව පැවැති සාකච්ඡාවල ප්‍රතිපලයක් ලෙස 2023 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය පහසුකමක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාව පළ කළා.
ඒ අනුව එම විස්තීර්ණ ණය මුදලේ පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 332ක් හිමිවූ අතර, තවත් අමෙරිකානු ඩොලර් මිලියන 337ක් දෙවන වාරිකය ලෙස මුදා හැරීමට මූල්‍ය අරමුදල කටයුතු කළා.
තුන්වන හා සිව්වන වාරික ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 336ක් සහ 334ක් මුදා හැරීමටද එම අරමුදල පියවර ගත්තා.
විස්තීර්ණ ණය මුදලට අදාළ සිව්වන සමාලෝචනයෙන් අනතුරුව පස්වන වාරිකය ලෙස තවත් අමෙරිකානු ඩොලර් මිලියන 350ක් මුදා හැරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගත්තේ පසුගිය පළමුවැනිදායී.
ඒ අනුව මාස 48කට අදාළව ක්‍රියාත්මක විස්තීර්ණ ණය පහසුකම යටතේ අවස්ථා 05කදී ශ්‍රී ලංකාවට ලබාදී ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.74ක්.
මේ අතර පස්වන වාරිකය මුදාහැරීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී, එවන් පැපජෝජියෝ මහතා පැවසුවේ, අවදානමට ලක්වූ පුද්ගලයින් ආරක්ෂා කරමින් සහ, මූල්‍ය හා ණය තිරසරභාවය යථාතත්ත්වය පත්කර ගැනීම, පාලනය ශක්තිමත් කිරීම, දූෂණය අඩුකිරීම හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඔස්සේ ආර්ථීක ස්ථාවරත්වය ඇති කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ගන්නා වූ උත්සාහයට පූර්ණ සහය ලබාදෙන බවයි.