ජාත්‍යන්තර ළමා පිළිකා රෝගී දිනය අදයි

ජාත්‍යන්තර ළමා පිළිකා රෝගී දිනය අදයි

ජාත්‍යන්තර ළමා පිළිකා රෝගී දිනය අදට(15) යෙදී තිබෙනවා.

පිළිකා යනු බොහෝ මාරාන්තික රෝගයක් වන අතර ලොව පුරා මරණ සඳහා ප්‍රධාන හේතුවක්ද වනවා.

තම ආදරණීය දරුවා පිළිකාවක් වැනි මාරාන්තික රෝගයකින් පෙළෙනවා දැකීමට කිසිම පවුලක් කැමති වන්නේ නැහැ.

අවාසනාවකට ලොව පුරා සෑම වසරකම වයස අවුරුදු 0-19 අතර ළමුන් සහ නව යොවුන් වියේ 400,000 කට පිළිකා ඇති වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

ළමා වියේදී ඇති වන පිළිකා සඳහා සාධනීය හේතුවක් නොමැති අතර ඔවුන් ජිවත්වන පරිසරය සහ ජීවන රටා රෝගය වර්ධනය වීමට යම් බලපෑමක් කරන බව සඳහන්.

ජාත්‍යන්තර ළමා පිළිකා දිනය (ICCD) යනු ළමා පිළිකා සහ එහි අද්විතීය අභියෝග පිළිබඳව දැනුවත් කිරීමේ ගෝලීය ව්‍යාපාරයක් වනවා.

එමෙන්ම වර්ෂයකට ශ්‍රී ලංකාවෙන් අලුතින් පිළිකා රෝගීන් 37,000 – 40,000 අතර වාර්තා වන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා සඳහන් කරනවා.

එම රෝගීන්ගෙන් 2% ත් 5%ත් අතර සංඛ්‍යාවක් ළමයින් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This