
ජාත්‍යයන්තර කම්කරු සංවිධානයේ පිරිසක් කම්කරු ඇමති මුණ ගැසේ
ආසියා සහ පැසිපික් කලාපය සඳහා ජාත්‍යයන්තර කම්කරු සංවිධානයේ සහකාර අධ්යක්ෂ ජනරාල් සහ කලාපීය අධ්‍යක්ෂිකා කඕරි නකමුරා ඔසාකා, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ජාත්‍යයන්තර කම්කරු සංවිධානයේ මෙරට අධ්‍යක්ෂිකා ජෝනි සිම්ප්සන් මහත්මිය සමඟ කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, සමඟ විශේෂ සාකච්ඡාවක් අද (24) කම්කරු අමාත්‍යාශංයේ දි පැවැත් වුණා.
පෞද්ගලික සහ වැවිලි, ධීවර, ඇතුළු කම්කරු ක්ෂේත්රයට වැදගත් කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
කම්කරු අමාත්‍යාශංය පැවසුවේ එම සෑම ක්ෂේත්රයකම නියැලෙන අයගේ ඵලදායිතාව වැඩි කිරීම, ඔවුන් මුහුණ දී සිටින ගැටලු, ඒ්වාට විසඳුම්, තාක්ෂණික සහයන් ලබා දීම පිළිබද අවදානය යොමු කළ බවයි.
මානව සම්පත දියුණු කිරීම, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතින්වලට අනුගතව සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම පුළුල් කිරීමට ඔවුන්ගේ සහය ලබාදීමට ද මෙහිදී එකඟත්වය පළ වී තිබෙනවා.
එමෙන්ම ආසියා සහ පැසිපික් කලාපයේ ජීිවත්වීමට සරිලන වැටුප් – ( Living Wage) පිළිබඳව ඊයේ (23) කොළඹ , දී පැවැති සමාජ සාධරණත්වය සඳහා වූ ගෝලීය සන්ධානය යටතේ ශ්‍රී ලංකාව සමග තවදුරටත් සහයෝගයෙන් වැඩ කිරිමට සුදානම් බව ද මෙහිදී ජාත්‍යයන්තර නියෝජිතවරියන් දැනුම් දී තිබෙනවා.
