
ජාතික ගමනා ගමන කොමිසමේ මෘදුකාංග පද්ධතියේ තාක්ෂණික දෝෂයක්
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ ස්වයංක්‍රීය මෘදුකාංග පද්ධතියේ තාක්ෂණික දෝෂයක් නිසා අන්තර් පළාත් මගී සේවා බලපත්‍ර යාවත්කාලීන කිරීමේ දී මේ මස 13 වැනි දිනට පෙර අවලංගුවන බලපත්‍ර පමණක් යාවත් කාලීන කරන බව එම කොමිසම දැනුම් දෙනවා.
තවද බස් ආදේශන, සේවා සංශෝධන ,මාර්ග සංශෝධන ,සහ හිමිකරු මියයාමේදී ඥාතිත්වය මත අයිතිය විධිමත් කිරීම මේ මස 13 දක්වා සිදු නොකරන බව ද ජාතික ගමනා ගමන කොමිෂන් සභාව දැනුම් දෙනවා.