
2333 වන ජාතික පොසොන් උත්සවය
ජාතික පොසොන් උත්සවය ජනාධිපති ප්‍රධානත්වයෙන්
2333 වන ජාතික පොසොන් උත්සවය මෙවර පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිත අනුරාධපුර මිහින්තලය පුද බිම කේන්ද්‍රකරගනිමින් ආරම්භ වුණා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
‘අනුබුදු දහමින් ලොවම නිවේවා’ යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාවයි.
ඒ අනුව 2333 වන ජාතික පොසොන් උත්සවය අද පෙරවරුවේ මිහින්තලය රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වුණා.
ඒ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම අවස්ථාවට මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් ඇතුලු පිරිසක් එක්ව සිටියා.
උත්සවයෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායෙක මහතා මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.