
ජාතික පොසොන් සැමරුමට ‘මිහිඳු මහා පෙරහර’
ජාතික පොසොන් සැමරුමට සමගාමීව ‘මිහිඳු මහා පෙරහර’ වීථි සංචාරය කෙරුණා.
ඒ අනුව මෙවර ජාතික පොසොන් සැමරුමට සමගාමීව මිහිඳු මහා පෙරහර වීථි සංචාරය මිහින්තලා පුදබිමේ දී සිදුවුණා.
විචිත්‍රවත් නර්තනාංග රැසකින් හා අලි ඇතුන්ගෙන් අංලකාරවූ පෙරහරෙහි මංගල හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම සිදුකලේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා.
පෙරහර සංවිධාන කර තිබුණේ මිහින්තලා රජමහා විහාරාධිපති ආචර්ය පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන ස්වාමීන්වහන්සේගේ පූර්ණ අනුශාසනා මතයි.