ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව විශේෂ රථවාහන සැලැස්මක්

ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (19) පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව බත්තරමුල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා

ඒ අනුව, හෙට බත්තරමුල්ල පාර්මේන්තුව අසල රණවිරු ස්මාරකයේදී පස්වරු 04.00 සිට පස්වරු 06.30 දක්වා ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතයි

එමෙන්ම මාර්ග වසා තැබීමක් සිදු නොකරන අතර, රණවිරු උත්සවය පැවැත්වෙන ප්‍රදේශයේ රථවාහන අවහිරතාවයක් සිදු වුවහොත් පොල්දූව මංසන්ධියේ සිට ජයන්තිපුර හරහා කියන්යෑම් හන්දිය දක්වා පාර්ලිමේන්තු මාර්ගයේ රථවාහන කොළඹින් පිටවීම හා කොළඹට ඇතුලුවීම සීමා කරනු ලබනවා

පොලිසිය පැවසුවේ විකල්ප මාර්ග ලෙස කොළඹින් පිටවන වාහන සඳහා පොල්දූව මංසන්ධියෙන් බත්තරමුල්ල හංදිය දක්වා ගමන් කර පාලම් තුන හන්දියෙන් කියන්යෑම් හන්දිය දක්වා ගමන් කළ හැකියි බවයි

මීට අමතරව කොළඹට ඇතුළුවන වාහන සඳහා කියන්යෑම් හන්දියේ සිට පාලම් තුන හන්දියෙන් බත්තරමුල්ල හන්දිය දක්වා ගමන් කර පොල්දූව මංසන්ධියෙන් කොළඹ දක්වා ගමන් කළ හැකි වනවා

Share This