ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අත් අඩංගුවට ගන්න වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අත් අඩංගුවට ගන්න වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(18) වරෙන්තු නිකුත් කළා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා එලෙස වරෙන්තුව නිකුත් කළේ, කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුවයි.

නාරාහේන්පිට ප්‍රදේශයේදී තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදු කරන විමර්ශනය සම්බන්ධයෙන් පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කළා.

Share This