
“ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ” නම් කර අති විශේෂ ගැසට් නිවේදනයක්
” ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ” නම් කරමින් දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් දිස්ත්‍රික්ක 22 ක් අති විශේෂ ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
2010 අංක 19 දරන මරණ ලියාපදිංචි කිරීමේ ( තාවකාලික විධිවිධාන ) පනතට අනුව මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ රෙජිස්ටාර් ජනරාල්වරයා විසින්.
ඒ අනුව මහනුවර ,නුවරඑළිය,බදුල්ල, කුරුණෑගල, මාතලේ ,කෑගල්ල,ගම්පහ, මුලතිව්,අනුරාධපුරය,කොළඹ, යාපනය ,පොලොන්නරුව,මන්නාරම, පුත්තලම,රත්නපුර,මොණරාගල,මඩකලපුව,අම්පාර,ත්‍රිකුණාමලය,කිලිනොච්චිය, වව්නියාව,කළුතර යන පරිපාලන දිත්‍රික්ක නම් කර තිබෙනවා.


