ජාතික වොලිබෝල් තේරීම් කමිටුව පත් කෙරේ

ජාතික වොලිබෝල් තේරීම් කමිටුව පත් කෙරේ

ජාතික වොලිබෝල් තේරීම් කමිටු සාමාජිකයන් පත් කර තිබෙනවා.

ජාතික වොලිබෝල් තේරීම් කමිටුව පත් කිරීම සිදුකෙරුණේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් , සුගතදාස ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ දීයි.

මෙහිදී ජාතික වොලිබෝල් තේරීම් කමිටුව වශයෙන් පත් වූවන් පහත පරිදි වනවා.

උදේනි ප්‍රියදර්ශනී – සභාපති

පාලිත නාපාගොඩ – සාමාජික

වසන්ති මංගලිකා – සාමාජික

ක්‍රිෂාන්ති ජයවර්ධන – සාමාජික

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් වින්ග් කමාන්ඩර් අඛිල ද අල්විස් එක්ව සිටියා.

Share This