ජිවිත 26ක් බිලිගත් කුණාටුව

ජිවිත 26ක් බිලිගත් කුණාටුව

එක්සත් ජනපදයේ මිසිසිපි ප්‍රාන්තයට පසුගිය 24 වනදා සුළි කුණාටුවක් ඇතිවුණා.

ඒ පිළිබඳ නවතම තොරතුරු මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මිසිසිපි හි සෙවීම් සහ මුදාගැනීමේ ප්‍රයත්නයන් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි එමගින් තොරතුරු හෙළිවන්නේ.

සිකුරාදා එරටට බලපෑ ටොනේඩෝවෙන් විශාල පිරිසක් තුවාල ලැබුවා. මිසිසිපි ප්‍රාන්තයේ පමණක් පුද්ගලයින් 25 දෙනෙකුද, ඇලබාමා හි එක් අයෙකුද මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තවදුරටත් මේ මරණ සංක්‍යාව වැඩිවීමට හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කුණාටුව හේතුවෙන් ග්‍රාමීය නගර කිහිපයක් විනාශ වූ අතර බටහිර ෂර්කි ප්‍රාන්තයේ රෝලිං ෆෝක් නගරයට විශාල හානියක් සිදුව තිබෙනවා.

හානියට ප්‍රතිචාර දැක්වීම සඳහා මිසිසිපි ප්‍රාන්ත ආණ්ඩුකාර ටේට් රීව්ස් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කළා.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ද මිසිසිපි වෙතින් එළියට පැමිණෙන ඡායාරුප මාධ්‍යට මුදාහැර තිබු අතර ඔහු ප්‍රකාශ කර තිබුණේ මෙම විනාශය “හද කම්පා කරවන” දෙයක් බවයි.

එරට ෆෙඩරල් රජය “උදව් කිරීමට හැකි සෑම දෙයක්ම කරන” බව මේ වන විට පවසා තිබෙනවා.

Share This