ජිහාඩ්වාදීන්ගේ ප්‍රහාරයකින් සොල්දාදුවන් 12ක් මරුට

ජිහාඩ්වාදීන්ගේ ප්‍රහාරයකින් සොල්දාදුවන් 12ක් මරුට

රටේ නිරිතදිග ප්‍රදේශයේ ජිහාඩ්වාදීන් විසින් එල්ල කරන ලද යැයි සැක කෙරෙන ප්‍රහාරයකින් අවම වශයෙන් සොල්දාදුවන් 12 දෙනෙකු මිය ගොස් ඇති බව නයිජර් රජය පවසනවා

එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත්තේ කන්දඩ්ජි නගරයේ යතුරුපැදිවලින් පැමිණි සිය ගණනක් කැරලිකරුවන් විසින් හමුදා ඒකකයට ප්‍රහාර එල්ල කළ බවයි

එම සටන් වලදී සොල්දාදුවන් හත් දෙනෙකු මිය ගිය බවත් හමුදා ඒකකයේ සහායට පැමිණීමට යාමේදී සිදුවූ රිය අනතුරකින් තවත් පස් දෙනෙකු මිය ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා

Share This