ජිහාඩ්වාදීන්ට එරෙහි සටනට සහාය වෙන්න සොල්දාදුවන් 5,000ක් බඳවා ගැනීමේ සූදානමක්

ජිහාඩ්වාදීන්ට එරෙහි සටනට සහාය වෙන්න සොල්දාදුවන් 5,000ක් බඳවා ගැනීමේ සූදානමක්

ජිහාඩ්වාදීන්ට එරෙහි සටනට සහාය වීම සඳහා තවත් සොල්දාදුවන් 5,000ක් බඳවා ගැනීමේ සූදානමක් පිළිබඳව බුර්කිනා ෆාසෝහි හමුදා රජය නිවේදනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා .

ආරක්ෂක අමාත්‍ය කර්නල් Kassoum Coulibaly පවසා තිබෙන්නේ බඳවා ගන්නා අය වයස අවුරුදු 20 ත් 35 ත් අතර විය යුතු අතර අවම වශයෙන් වසර පහක් හමුදාවේ සේවය කිරීමට සූදානම් විය යුතු බවයි.

සතියකට පෙරදී උතුරේ සිටි හමුදා සෙබළුන් 50කට වැඩි පිරිසක් මිය ගිය බවද විදෙස් මාධ්‍ය පවසනවා.

2015 වසරේ දී ඉස්ලාමීය කැරැල්ල ආරම්භ වූ දා සිට මිලියන දෙකකට ආසන්න ජනතාවක් අවතැන් වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This