ජිහාඩ් සංවිධානය ඊශ්‍රායල පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරා දමයි (VIDEO)
උතුරු ඊශ්‍රායලයේ Haderaහිදී තුවක්කුකරුවන් විසින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
ඒ අසල අවන්හලක සිටි ත්‍රස්ත මර්දන නිලධාරීන් විසින් ප්‍රහාරකයන්ට නැවතත් වෙඩි තබා තිබෙනවා
ඉස්ලාමීය රාජ්‍ය (අයිඑස්) කණ්ඩායම ප්‍රකාශ කර තිබෙන්නේ ප්‍රහාරය පිටුපස සිටින්නේ තමන් බවයි
ජිහාඩ් සංවිධානයට සම්බන්ධ ඊශ්‍රායල අරාබිවරුන් විසින් දින කිහිපයක් ඇතුළත සිදුකළ දෙවන ප්‍රහාරය මෙය බවයි පැවසෙන්නේ
අරාබි ලීගයේ විදේශ ඇමතිවරු සමුළුවක් සඳහා ප්‍රථම වරට ඊශ්‍රායලයට රැස් වූ අවස්ථාවේදී පළමු ප්‍රහාරය එල්ල කර තිබෙනවා
බහරේනය, මොරොක්කෝව, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අමාත්‍යවරුන් හමුවූ අවස්ථාවේදී ඊශ්‍රායල විදේශ අමාත්‍ය Yair Lapid, මෙම ප්‍රහාරය හෙළා දකින බව පවසා සිටිනවා
සමුලුව සඳහා ඊශ්‍රායලයට පැමිණ සිටින එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ද මෙම ඝාතනය හෙලා දැක තිබෙනවා
ඝාතනයට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා වයස අවුරුදු 19ක් වන Yezen Falah සහ Shirel Abukart ලෙසයි පවසන්නේ