ජීවිතාන්තය දක්වා සිරදඬුවම් අටක් නියම වූ සිම්බාබ්වේ ජාතිකයා

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් අටක් නියම වූ සිම්බාබ්වේ ජාතිකයා

දකුණු අප්‍රිකානු අධිකරණයක් විසින් සිම්බාබ්වේ ජාතිකයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් අටක් සහ අමතර වසර 88ක සිරදඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලිම්පෝපෝ පළාතේ කාන්තාවන් හත් දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් 36 හැවිරිදි විලාර්ඩ් ඩුබ්ට මෙලෙස දඬුවම් නියම වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ස්ත්‍රී දූෂණ, මිනීමැරුම්, මංකොල්ලකෑම්, කප්පම් ගැනීම්, සොරකම් කළ දේපළ සන්තකයේ තබා ගැනීම සහ නීතිවිරෝධී සංක්‍රමණිකයෙකු වීම වැනි අපරාධ කිහිපයකට ඔහු අධිකරණය ඉදිරියේ වරදකරු වී තිබෙනවා

ඔහු 2008 වසරේ දී බලපත්‍රයක් හෝ විදේශ ගමන් බලපත්‍රයක් නොමැතිව දකුණු අප්‍රිකාවට ඇතුළු වී ඇති බවයි පැවසෙන්නේ.

පැහැරගත් කාන්තාවකගෙන් සොරකම් කළ බවට සැක කෙරෙන දුරකථනයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඔහු මුලින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2021 වසරේ දී යි.

ආගමන විගමන නීති උල්ලංඝණය කිරීම හැර අධිකරණයේ ඇති සියලුම චෝදනා ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This