‘ජීවිත 43ක් බිළිගත්’ ග්‍රීසියේ දුම්රිය අනතුරට හේතුව හෙළිවේ -ඇමැතිත් ඉල්ලා අස්වේ (VIDEO)

‘ජීවිත 43ක් බිළිගත්’ ග්‍රීසියේ දුම්රිය අනතුරට හේතුව හෙළිවේ -ඇමැතිත් ඉල්ලා අස්වේ (VIDEO)

උතුරු ග්‍රීසියේ සිදුවූ දුම්රිය අනතුරෙන් අවම වශයෙන් ජීවිත 43ක් පමණ අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම අනතුර සිදු වූ දරුණුතම දුම්රිය අනතුරක් බවත් එය යාන්ත්‍රික දෝෂයක් නිසා නොව මිනිසුන් අතින් සිදුවූ වරදක් බවත් එරට අගමැතිවරයා සඳහන් කරනවා

එරට අගමැති Kyriakos Mitsotakis මගී සේවාවක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් අතර මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවූ ස්ථානය නැරඹීමෙන් පසුව මේ බව කියා සිටි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

එමෙන්ම ප්‍රාදේශීය දුම්රිය ස්ථානාධිපතිවරයාට මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර ග්‍රීක ප්‍රවාහන අමාත්‍යවරයා ඉල්ලා අස්වී තිබෙනවා

ගලවා ගැනීමේ කණ්ඩායම් දිවි ගලවා ගත් අය සෙවීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

පුද්ගලයන් 350ක් පමණ රැගත් මගී දුම්රිය ලැරිසා නගරයෙන් පිටත්වීමෙන් පසු උමං මාර්ගයකින් පිටවන විටම භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ .

මෙම දුම්රිය දෙක එකම ධාවන පථයක ධාවනය වූයේ මන්දැයි තවමත් පැහැදිලි නැති බවයි වාර්තා වන්නේ

සංඥා භාරව සිටි ස්ථානාධිපතිවරයා අනතුර තාක්‍ෂණික දෝෂයකින් සිදුවූ බවට පවසා තිබෙනවා

Share This