ජුලි චං – පාත්ෆයින්ඩර් නිර්මාතෘ මිලින්ද මුණ ගැසේ

ජුලි චං – පාත්ෆයින්ඩර් නිර්මාතෘ මිලින්ද මුණ ගැසේ

ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිනි ජුලි ඡන්ග් මහත්මිය සහ පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා අතර හමුවක් අද (15) පෑලියගොඩ දී සිදු වුණා.

මෙම හමුවේ අරමුණ් වී ඇත්තේ පාත්ෆයින්ඩර් පදනම දීර්ඝ කාලයක් තුළ එක්සත් ජනපදය හා එරට සංවිධාන සමග පවත්වන ලද සම්බන්ධතා සහ දෙරට අතර සහයෝගීතාවයට ලැබුණ පිටිවහල පිළිබදව අදහස් හුවමරු කර ගැනීමයි.

ආර්ථීකය, කලාපයේ ආරක්ෂාව හා සමාජ උන්නතිය උදෙසා පදනම විසින් කරන ලද අධ්‍යයන හා පර්යේෂණ ගණනාවක වාර්තාවල පිටපත් තානාපතිනිය වෙත බාරදීම ද මෙහි දී සිදුවුණා.

පාත්ෆයින්ඩර් පදනම පවසන්නේ ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදය අතර අනොන්‍ය අවබෝධය තුළින් අවස්ථා ඇති කරන සමාන්තර වැඩසටහන් සම්බන්ධ ඉදිරි සැලසුම් ගැන ද මෙහි දී සාකච්ඡා වූ බවයි.

පෑලියගොඩ පිහිටි පාත්ෆයින්ඩර් පදනම මූලස්ථානයේ සිදු වූ හමුවට තානාපති කාර්යාලයට අලූතින් පත්වූ උප තානාපතිනි ජෙනි හොවෙල් මහත්මිය සහ දේශපාලන අංශ ප්‍රධානී ඇඩම් මයික්ලෝව් මහතා ද එකව සිටියා.

Share This