ජුලි පළමු වැනිදා සිට වාහනවල අනවශ්‍ය ලෙස එක් කළ කොටස් ගැලවීමට රථ වාහන සංගම් විරෝධයක්

ජුලි පළමු වැනිදා සිට වාහනවල අනවශ්‍ය ලෙස එක් කළ කොටස් ගැලවීමට රථ වාහන සංගම් විරෝධයක්

ජුලි පළමු වැනිදා සිට වාහනවල අනවශ්‍ය ලෙස එක් කර ඇති කොටස් ඉවත් කිරීමට පොලිසිය ගත් පියවර සම්බන්ධයෙන් රථ වාහන සංගම් විරෝධය පළකරනවා.

ඔවුන් එලෙස විරෝධය පළ කරන්නේ, කුමන බාධා පැමිණියද එළඹෙන ජුලි මස පළමුවැනිදා සිට වාහනවල සවි කර ඇති අත්‍යාවශ්‍ය නොවන බාහිර උපකරණ ඉවත් කිරීමට කටයුතු කරන බවට රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ප්‍රකාශ කළ පසුබිමකයි.

දිනෙන් දින ධාවනයට එක්වන රථ වාහන සංඛ්‍යාවත් සමඟ රථ වාහන අනතුරුවලින් සිදු වන මිනිස් ජීවිත අහිමි වී යාම මෑතක සිට ඉහළ යමින් පවතින පසුබිමක රථ වාහන අනතුරු වළක්වා ගැනීමට අදාළ පියවරක් වශයෙන්.

එහිදී පෙර වසරවලට සාපේක්ෂව මේ වසරේ පළමු මාස 6 තුළ ඉහළ රිය අනතුරු සංඛ්‍යාවක් මෙන්ම ඉන් මියගිය පිරිසේද ඉහළ අගයක් ගන්නා බවට අනාවරණ වුණා.

මේ වසරේ ගත් වූ මාස 6ට පමණක් රිය අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත් සංඛාව1999 දෙනෙක්.

Share This