
ජූලි මුල දී උපාධිධාරී ගුරු පත්වීම් 2300ක්
ලබන ජූලි මස මුල් සතියේ දී ගණිතය, රසායන විද්‍යාව , භෞතික විද්‍යාව, ජීවවිද්‍යාව, සිංහල, ඉංග්‍රීසි, දමිළ මාධ්‍යයන් හා තාක්ෂණවේදය මෙන් ම විදේශ භාෂා යන විෂය ධාරාවල උපාධිධාරී ගුරු පත්වීම් 2500ක් පමණ ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා
නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ ඉදිකළ නව තෙමහල් තාක්ෂණ ගොඩනැගල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා
එමෙන්ම නවීනතම ‘ස්මාට් බෝඩ්‘ 2500ක් ලබන අගෝස්තු – සැප්තැම්බර් මාස වන විට දිවයිනේ සියලු පර්ෂද මූලස්ථ ප්රමුඛ පාසල්වලට පළමු අදියර තුළ ලබා දී වසර තුනක් ඇතුළත සියලු පාසල් ඩිජිටල්කරණය කර එක ම ජාලයකට ගෙන සුහුරු අධ්‍යාපන අවස්ථා සැලසීමට අපේක්ෂා කරන බවත් ඔහු එහිදී පැවසුවා
ගුරුවරුන් ද මේ සඳහා සූදානම් විය යුතු අතර එම ගුරු පුහුණුවීම්වලට අදාළ ගුරු අත්පොත මේ වන විට විෂය ප්‍රවීණ විද්වතුන් ලවා සකසා අවසන් ව ඇති බවත් මුලික වටයේ දී ගුරුවරුන් 7500ක් පුහුණු කරන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා