ජෙරුසලමේ දේවස්ථානයක් අසල වෙඩි තැබීමක් පුද්ගලයන් 07 දෙනෙකු මියයයි

ජෙරුසලමේ දේවස්ථානයක් අසල වෙඩි තැබීමක් පුද්ගලයන් 07 දෙනෙකු මියයයි

නැගෙනහිර ජෙරුසලමේ දේවස්ථානයක් ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 07 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ඊශ්‍රායල ජාතිකයින් 07 දෙනෙකු බවයි පැවසෙන්නේ.

එසේම තවත් පුද්ගලයන් තුන් දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද සඳහන්.

විදෙස් වාර්තා සඳහන් කළේ දේවස්ථානයේ පැවති දේව මෙහෙයට සහභාගී වී පිටව යමින් සිටි බැතිමතුන් පිරිසක් ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි තැබීම සිදුකළ පලස්තීන ජාතික ත්‍රස්ථවාදියෙකු බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසනවා.

වෙඩික්කරු විසින් පැදවූ බව කියන සුදු පැහැති මෝටර් රථයක් පිළිබඳව එරට ආරක්ෂක අංශවල අවධානය යොමුව ඇති බවද සඳහන්.

Share This