ජෙරුසලමේ බස් නැවතුම්පළක සිදුවූ පිපිරීමෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙක් මරුට

ජෙරුසලමේ බස් නැවතුම්පළක සිදුවූ පිපිරීමෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙක් මරුට

ජෙරුසලමේ බස් නැවතුම්පළකදී එල්ල වූ බෝම්බ ප්‍රහාර දෙකකින් 15 හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව ඊශ්‍රායල පොලිසිය පවසා තිබෙනවා

මියගිය තරුණයා Aryeh Schupak නම් ඊශ්‍රායල-කැනේඩියානු යුදෙව් සෙමනේරි ශිෂ්‍යයෙක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මෙම පිපිරීමේ වගකීම මෙතෙක් කිසිවෙකු විසින් භාරගෙන නැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඊශ්‍රායල වෛද්‍යවරු ප්‍රකාශ කර තිබෙන්නේ පිපිරීමෙන් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි

පළමු පිපිරුමෙන් මිනිත්තු 30 කට පමණ පසු, නගරයට තවත් පිවිසුමක් වන රමෝට් හන්දියේදී දෙවන පිපිරුම සිදුවූ බවත් එයින් තිදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්ජෙ සඳහන් කර තිබෙන්නේ ජේරුසලමේ ත්‍රස්ත ප්‍රහාරයෙන් තරුණ කැනේඩියානු ජාතිකයෙකුගේ මරණය දැනගැනීමෙන් තමා ඇදහිය නොහැකි තරම් ශෝකයට පත් වූ බවත් එය හෙළා දකින බවත්ය.

Share This